නව පන්න ක්‍රමය යළි විමර්ශනය කිරීමේ තීරණයක්

නව පන්න ක්‍රමය යළි විමර්ශනය කිරීමේ තීරණයක්

නව පන්න ක්‍රමය යළි විමර්ශනය කිරීමේ තීරණයක්

කර්තෘ Staff writer

03 Mar, 2016 | 11:18 am

ලයිලා සහ සුරුක්කු දැල් භාවිත කර ධීවර කටයුතු තහනම් කරමින් හඳුන්වාදුන් නව පන්න ක්‍රමය සම්බන්ධයෙන් යළි විමර්ශන කරන්නැයි නාරා ආයතනයට දැනුම් දුන් බව ධීවර අමාත්‍යාංශය පවසයි.

ධීවර අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිෂ්ටි ලාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ, නව පන්න ක්‍රමය ගැටලු සහගත බවට ධීවරයින්ගෙන් පැමිණිලි ලැබී ඇති බව ය.

නව පන්න ක්‍රමය පිළිබඳව නිසි විමර්ශනයක් කර විසඳුමක් ලබාදෙන ලෙසට නාරා ආයතනයට දැනුම් දුන් බව ද ධීවර අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිෂ්ටි ලාල් ප්‍රනාන්දු මහතා පැවසී ය.

මේ අතර මෙරට මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අද අලුයම නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හුමදා මාධ්‍ය ප්‍රකාශක කැප්ටන් අක්‍රම් අලෙවි මහතා සඳහන් කළේ, යාපනය කරෙයිනගර් වලට උතුරු මුහුදේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව ය.

කුඩා ධීවර බෝට්ටු දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් පිරිස මේ වන විට කන්කසන්තුරේ වරායට රැගෙනවිත් ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය

දැනට මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධිවරයින් සංඛ්‍යාව 35 කි.