ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගනී ?

ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගනී ?

ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගනී ?

කර්තෘ Staff writer

26 Feb, 2016 | 6:33 am

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීම ගැන ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු ක්‍රීඩක ලසිත් මාලිංග අදහස් පළ කර තිබේ.

ඒ, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඊයේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව තරගය ජය ගැනීමෙන් පසුව ය.

බංග්ලාදේශයේ ඩකා නුවර පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවි රැස්කළේ ලකුණු 129 ක් පමණයි.

එක්සත් අරාබි එමීර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 115 ක් රැස් කළේ ය.

එහිදී ලසිත් මාලිංග ලකුණු 26 ට දවා ගත් කඩුලු ගණන 4 කි.

තරගයෙන් පසුව මාලිංග පැවසුවේ, ආබාධයෙන් සම්පූර්ණ සුවය ලබා නොසිටිය ත් මෙම තරගය ක්‍රීඩා කිරීමට තීරණය කළ බව ය.

[quote]2008 වසරේදී ඇතිවුණා වගේම, දණ හිසේ ආබාදයකට මම ප්‍රථිකාර ලබා ගන්නවා. 2008 දී මට වසරක පමණ කාලයක් ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවුණා. නමුත් මේක විවේක ගැනීමට කාලය නොවෙයි. අපට ලෝක කුසලානයක් තිබෙනවා. මෙය මගේ ක්‍රීඩාවේ අවසන් කාලය වුණත්, මට වේදනා නාශක හා ප්‍රතිකාර ලබා ගනිමින් ක්‍රීඩා කිරීමට සිදුවනවා. මොකද, පන්දුවාර 20යි 20 අංශයෙන් අත්දැකීම් බහුලම පන්දුයවන්නා මම. මම හැකි උපරිම සහයෝගය කණ්ඩායමට ලබා දිය යුතුයි. මේ මගේ අවසන් වසර කිහිපය, සමහර විට අවසන් මාස කිහිපයද විය හැකීයි. මගේ රට නියෝජනය කරනවානම්, මගේ උපරිම දායකත්වය කණ්ඩායමට ලබා දිය යුතුයි. මම හිතන්නෙ නැහැ, මේ ආබාදයෙන් සම්පූර්ණ සුවය ලබන්න මට පුලුවන් කියල. මම දන්නෙ නැහැ කොපමණ කාලයක් මට ඉතිරිව තිබෙනවාද කියල. නමුත් මම උත්සාහ කරනව. එය කළමණාකරනය කරගනිමින් හැකි උපරිම කාලයක් මගේ කණ්ඩායමට සේවය කරන්න.[/quote]