විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් වාර්තාවක් ඇමති රංජිත් වාර්තාවක් ඉල්ලයි (VIDEO)

විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් වාර්තාවක් ඇමති රංජිත් වාර්තාවක් ඉල්ලයි (VIDEO)

කර්තෘ Staff writer

25 Feb, 2016 | 5:20 pm

දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් තමාට වාර්තාවක් සපයන්නැයි විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව ය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද රාත්‍රි 7 ට විදුලිබල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටු රැස්වීමක් පැවැත්වෙන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අද පස්වරු 2ට පමණ මෙම හදිසි විදුලි බිඳ වැටීම සිදුවූ අතර බොහෝ ප්‍රදේශවල විදුලිය සැපයුම තවමත් යථා තත්ත්වයට පත් වී නොමැත.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා ප්‍රකාශ කළේ, සෙසු ප්‍රදේශවල විදුලිය සැපයුම පස්වරු 6 ට පෙර යථා තත්ත්වයට පත් කිරිමට අපේක්ෂා කරන බව ය.

අද පස්වරු දෙකට පමණ දිවයින පුරාම විදුලිය සැපයුම බිඳ වැටිණ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]