ආසියානු සංවර්ධන බැංකු සභාපති ජනපති හමුවෙයි

ආසියානු සංවර්ධන බැංකු සභාපති ජනපති හමුවෙයි

ආසියානු සංවර්ධන බැංකු සභාපති ජනපති හමුවෙයි

කර්තෘ Staff writer

23 Feb, 2016 | 5:34 pm

මෙරටට ලබා දෙන ආධාර ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තෙකෙහිකේ නකඕ මහතා පවසයි.

සභාපතිවරයා සඳහන් කළේ, අධ්‍යාපන හා වාරි මාර්ග ක්ෂේත්‍රයේ සංවර්ධනය විශේෂ ආධාර ලබා දීමට ද අපේක්ෂා කරන බව ය.

ඔහු මේ අදහස් පළ කළේ, අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේදී ය.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා නව ආයෝජන සඳහා මෙරට හොඳම මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශ කළ බව ය.

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව මෙහීදි පුළුල් ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ.

මෙහිදි ජානාධිපතිවරයා පවසා ඇත්තේ, පසුගිය කාලයේ ඇතැම් ව්‍යාපෘති විධිමත් සැලසුම් අනුව ක්‍රියාත්මක නොවූ බව ය.

ඒ හේතුවෙන් එහි ප්‍රතිලාභ යම් යම් ප්‍රදේශවලට පමණක් සීමා වූ බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]