ගංගාරාමයේ නවම් පෙරහැර හේතුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

ගංගාරාමයේ නවම් පෙරහැර හේතුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

ගංගාරාමයේ නවම් පෙරහැර හේතුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

කර්තෘ Staff writer

21 Feb, 2016 | 1:39 pm

හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද සහ හෙට විථි සංචාරය කිරීමට නියමිත ය.

පොලීසිය සඳහන් කළේ, ඒ හේතුවෙන් ගංගාරාමය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව ය.

නවම් පෙරහැර ගමන් ගැනීම හේතුවෙන් අද පස්වරු 4 සිට හුණුපිටිය වැව පාර මාර්ගය, ඩබ්ලිව්. ඒ.ඩි. රාමනායක මාවත, පාක්වීදිය, ජිනරතන මාවත, ජේම්ස් පීරිස් මාවත, උත්තරානන්ද මාවත ඇතුළු මාර්ග කිහිපයක රථවාහන ධාවනය හෙට අලුයම දක්වා සීමා කෙරෙනු ඇති.

ඊට අමතරව රාත්‍රි 7 සිට හෙට අලුයම දක්වා කොම්පඤ්ඤවීදිය හන්දිය, පිත්තල හන්දිය, ස්ටේපල්වීදිය හන්දිය, ඩෝසන්වීදිය හන්දිය හයික්පාක් කෝනර් හන්දිය , නෙල්සන් පාර හන්දිය , නවම් මාවත හන්දිය, රොටුන්ඩා හන්දිය ස්ථානවලින් ද වාහන ධාවනය සිමා කෙරෙන බව පොලිස් මුලස්ථානය පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]