“Google බැලූනය පුපුරැස්සට කඩා වැටුණෙ නැහැ” – ඇමති හරීන් (VIDEO)

“Google බැලූනය පුපුරැස්සට කඩා වැටුණෙ නැහැ” – ඇමති හරීන් (VIDEO)

කර්තෘ Staff writer

18 Feb, 2016 | 11:37 am

Google ලූන් ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා ගුවන් කලාපයේ රැඳවූ එක් බැලූනයක් ගම්පොළ, පුපුරැස්ස, කළුගලවත්තට කඩා වැටී ඇතැයි, වාර්තා වේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ, ඊයේ රාත්‍රී 7.00ට පමණ මෙම වායු බැලූනය කඩා වැටුණු බව ය.

එහෙත් මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසන්නේ, මෙය කඩා වැටීමක් නොවන බව ය.

අමාත්‍යවරයා සිය twitter ගිණුමේ සඳහන් කළේ,  Google සමාගමේ අධීක්ෂණය යටතේ සිදුකරන ලද ආරක්ෂිතව ගොඩ බෑමක් බව ය.

ශ්‍රී ලංකාව සහ ගූගල් සමාගම අතර අන්තර්ජාල සබඳතා ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමකට එළැඹ සිටින අතර මෙරට ගුවනේ වායූ බැලූන රඳවා ඇත්තේ, ඒ අනුව ය.

මෙම ව්‍යාපෘතියේ අරමුණ අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම ය.

Google සමාගම මෙම බැලූන ශ්‍රී ලංකා ගුවනට යොමු කළේ පසුගිය 15 වන දාය.

පොළව මට්ටමේ සිට 20km ක ඉහළ අහසේ මෙම බැලුන රැඳවූ අතර එහි අරමුණ වූයේ ග්‍රාමීය ප්‍රදේශ ඇතුළු සියලු ප්‍රදේශවලට අධිවේගි අන්තර්ජාල පහසුකම් ලබා දීම ය.

Google සමාගම පළමු වරට ලූන් ව්‍යාපෘතිය ආරම්භ කළේ, 2013 වසරේදී ය.

ඒ ,නවසීලන්තයේ දකුණු දූපත්හි ඉහළ අහසේ බැලූන 30ක් පළමු වරට රඳවමිනි.

 

“Google බැලූනය පුපුරැස්සට කඩා වැටුණෙ නැහැ” – ඇමති හරීන්Read more : http://goo.gl/pstNQU

Posted by Newsfirst.lk on Wednesday, February 17, 2016