බිළිඳුන් සිටින මව්වරු විදේශගත කිරීමට උත්සහ කළ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

බිළිඳුන් සිටින මව්වරු විදේශගත කිරීමට උත්සහ කළ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

බිළිඳුන් සිටින මව්වරු විදේශගත කිරීමට උත්සහ කළ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

18 Feb, 2016 | 9:07 am

වයස අවුරුදු 05 අඩු දරුවන් සිටින මව්වරු ගෘහසේවිකාවන් ලෙස විදේශ ගත කිරීම සඳහා ව්‍යාජ පසුබිම් වාර්තා සැකසූ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක උපුල් දේශප්‍රිය මහතා පැවසුවේ, ලුණුගල සහ අනුරාධපුරයේදී අදාළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව ය.

වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා පිටත් කිරීම තහනම් කර ඇති අතර එම තහනම නොතකා අදාළ නිලධාරීන් කාන්තාවන්ගෙන් මුදල් ගෙන ව්‍යාජ පවුල් පසුබිම් වාර්තා සකස්කර ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

උපුල් දේශප්‍රිය මහතා පැවසුවේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුණු තොරතුරු අනුව පොලීසිය සමග එක්ව ඔවුන් අත්අඩංගුවට ගත් බව ය.

සැකකාර නිලධාරීන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.