හපුතලේට ගුවන් තොටුපොළක්

හපුතලේට ගුවන් තොටුපොළක්

හපුතලේට ගුවන් තොටුපොළක්

කර්තෘ Staff writer

15 Feb, 2016 | 1:01 pm

හපුතලේ ප්‍රදේශයේ නව අභ්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදිකිරීමට රජය සැලසුම්කර තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ, සැහැල්ලු ගුවන්යානා ගොඩබෑම සඳහා හපුතලේ, කොටලාගල සේවුඩ් වතුයායේ එම ගුවන්තොටපොළ ඉදිකිරීමට සැලැසුම්කර ඇති බව ය.

ඒ අනුව, සිවිල් ගුවන් සේවා ඇති අධිකාරිය කඩනමින් ඒ පිළිබඳ ශක්‍යතා අධ්‍යනයක් ආරම්භ කිරීමට නියමිත ය.

ඇල්ල – බණ්ඩාරවෙල, නුවරඑළිය – බදුල්ල, දියතලාව ප්‍රදේශවල සංචාරයේ යෙදෙන පිරිස් ඉලක්ක කර මෙම ගුවන් තොටුපොළ ඉදිකිරීමට සැලසුම්කර තිබේ.

මේ යටතේ, දිගින් කිලෝ මීටර් 1.2 ක්, හා මීටර් 75ක් පළල ගුවන් පථයක් හා පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]