සා/පෙළ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 23 සිට

සා/පෙළ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 23 සිට

සා/පෙළ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ 23 සිට

කර්තෘ Sagarika Chathumali

15 Feb, 2016 | 3:33 pm

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 23 වන දා ඇරඹීමට නියමිත ය.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, එම ප්‍රායෝගික පරීක්ෂණ මාර්තු 05 වන දා දක්වා, මධ්‍යස්ථාන 1205 කදී පැවැත්වීමට නියමිත බව ය.

ඒ සඳහා අයැදුම්කරුවන් 161651 දෙනෙකු පෙනී සිටීමට නියමිත වේ.

මේ අතර අපරදිග සංගීතයට අදාළ ශ්‍රවණ පරීක්ෂණ ලබන 21 වන දා පැවැත්වෙනු ඇති.

එම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර පෞද්ගලික ලිපිනයන් වෙත ද තැපැල් කර ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ පිළිබඳව යම් විමසීමක් වෙතොත් ඒ සඳහා 0112 784 208, 0112 784 537, 0113 188 350 දුරකථන අංක හෝ 0112 784 422 ෆැක්ස් අංකයට ඔස්සේ විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]