වැල්ලම්පිටියේ ත්‍රිත්ව ඝාතනය පිටුපස කුඩු ගනුදෙනුවක්?

වැල්ලම්පිටියේ ත්‍රිත්ව ඝාතනය පිටුපස කුඩු ගනුදෙනුවක්?

වැල්ලම්පිටියේ ත්‍රිත්ව ඝාතනය පිටුපස කුඩු ගනුදෙනුවක්?

කර්තෘ Sagarika Chathumali

15 Feb, 2016 | 6:45 pm

වැල්ලම්පිටිය ප්‍රද්ශයේදී පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 50 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශවයන් 2ක් පිළිබඳව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව ය.

පොලිස් කණ්ඩායම් 4 ක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබද ගැටලුවක් මූලික කරගෙන මෙම ගැටුම හටගෙන ඇති බවට ද පොලීසියට විවිධ පාර්ශවයන්ගෙන් තොරතුරු ලැබී ඇති බව ය.

පසුගිය 9 වන දා මධ්‍යම රාත්‍රියේ වැල්ලම්පිටිය ගෙවල් 20 ප්‍රදේශයේදී මෙම ත්‍රිත්ව ඝාතනය සිදු විය.

වෙඩි තැබීමෙන් මිය ගියේ වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ පදිංචිව සිටි 19, 24 හා 49 වයස්වල පසුවූවන් තිදෙනෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]