මුම්බායි හි ‍”Make in India” සංස්කෘතික ප්‍රසංග වේදිකාවේ ගින්නක් (VIDEO)

මුම්බායි හි ‍”Make in India” සංස්කෘතික ප්‍රසංග වේදිකාවේ ගින්නක් (VIDEO)

කර්තෘ Staff writer

15 Feb, 2016 | 9:12 am

ඉන්දියාවේ මුම්බායි හි පැවති සංස්කෘතික ප්‍රසංගයක ගින්නක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රවීණ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්, අමීර් ඛාන් සහ ප්‍රවීණ නිලි හේමා මාලිනී ද මෙම ප්‍රසංගයට සහභාගී වූ බව ය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ‍”Make in India” වැඩසටහනේ එක් අංගයක් ලෙස මෙම ප්‍රසංගය පැවැතිණ‍.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වේදිකාව මත ශිල්පීන් නර්තනයේ යෙදී සිටින අවස්ථාවේ එම වේදිකාව යට විශාල ගිනිදැල් පැතිරෙමින් තිබූ බව ය.

ප්‍රවීණ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සිය රංගනය නිමා කර වේදිකාවෙන් බැස තිබුණේ ගින්න හටගැනීමට සුළු වේලාවකට පෙරයි.

පසුව උත්සවයට සහභාගී වු මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය දේවේන්ද්‍ර ෆඩ්නාවිස් ,ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ඇතුලු විශේෂ ආරාධිත අමුත්තන්ට සංඥා කර නර්තන ශිල්පීන්ගේ රැගුම් නතරකර ඇති අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත ගෙනයාමට පියවර ගෙන තිබේ.

විදුලි කාන්දුවක් ගින්නට හේතු වී තිබේ.

සතියක කාලයක් පැවැත්වෙන “Make in India” ව්‍යාපෘතියට රටවල් 49කින් නියෝජිත‍යින් සහභාගී වන අතර විදේශික ආයතන 2500ක් සහ ඉන්දීය සමාගම් 8000ක් ද ඊට අයත්.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]