නිල සංචාරයක් සඳහා ජනාධිපති ජර්මනිය බලා පිටත්ව යයි

නිල සංචාරයක් සඳහා ජනාධිපති ජර්මනිය බලා පිටත්ව යයි

නිල සංචාරයක් සඳහා ජනාධිපති ජර්මනිය බලා පිටත්ව යයි

කර්තෘ Staff writer

15 Feb, 2016 | 11:39 am

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ ජර්මනිය බලා පිටත්ව ගියේ ය.

ජර්මනියේදී ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ලබන 17 වන දා පැවැත්වෙන්නේ ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල්ගේ ප්‍රධානත්වයෙනි.

එරට පාර්ලිමේන්තුවේ සංචාරය කරන ජනාධිපතිවරයා එහිදී ජර්මානු රජයේ නියෝජිතයින් රැසක් සමග සාකච්ඡා පවත්වනු ඇති.

ජර්මානු සංචාරය නිම කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 19 වන දා ඔස්ට්‍රියාව බලා පිටත්වයාමට නියමිත ය.

දෙදින ඔස්ට්‍රියා සංචාරය තුළදී ජනාධිපතිතුමා ඔස්ට්‍රියානු ජනාධිපති හෙයින්ස් ෆිස්කර් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]