වැල්ලම්පිටියේදී ඝාතනය වූ පුද්ගලයෙකුගේ දානයට පැමිණි තරුණියන් 2ක් කැලණි ගඟේ ගිලී අතුරුදන්

වැල්ලම්පිටියේදී ඝාතනය වූ පුද්ගලයෙකුගේ දානයට පැමිණි තරුණියන් 2ක් කැලණි ගඟේ ගිලී අතුරුදන්

කර්තෘ Sagarika Chathumali

15 Feb, 2016 | 6:48 pm

වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයෙන් කැලණි ගඟේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

දිය නෑමට ගිය වයස අවුරුදු 14 ක පාසල් සිසුවියන් තිදෙනෙකු දියේ ගිලී ඇති බවත් ඉන් එක් දැරියක බේරා ගැනීමට අසල සිටි පුද්ගලයෙකුට හැකි වී ඇති බවත් පොලීසිය පැවසී ය.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පසුගිය දා සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයෙකුගේ ඥාතීන් වන මෙම සිසුවින් එම නිවසේ පැවති සත්දින දානමය පිං කමට සහභාගි වීමට පැමිණි අවස්ථාවේ අනතුරුට පත්ව තිබේ.

ඔවුන් ගාල්ල, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]