කොකේන් ගිල දමා පැමිණි වෙනිසුවෙලානු කාන්තාවගේ ශරීරයෙන් තව ත් කොකේන් කරල් ඉවතට

කොකේන් ගිල දමා පැමිණි වෙනිසුවෙලානු කාන්තාවගේ ශරීරයෙන් තව ත් කොකේන් කරල් ඉවතට

කොකේන් ගිල දමා පැමිණි වෙනිසුවෙලානු කාන්තාවගේ ශරීරයෙන් තව ත් කොකේන් කරල් ඉවතට

කර්තෘ Staff writer

15 Feb, 2016 | 12:11 pm

කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු කරල් ගිල දමා පැමිණි වෙනිසුවෙලානු ජාතික කාන්තාවගේ ශරීරයෙන් තවත් කොකේන් කරල් දෙකක් ඉවතට ගත් බව රේගුව පවසයි.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කළේ, ඇගේ ශරීරයෙන් මේ වන විට කොකේන් කරල් 64 ක් ඉවතට ගත් බව ය.

දින 11 ක් මෙරට රැඳී සිටීමට පැමිණ ඇති ඇය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක් ද වෙන්කර ගෙන ඇති බවට දැනට සිදුකරන පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේ ය.

කොකේන් අඩංගු කරල් 87 ක් ගිල මෙරටට පැමිණි ඇය කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබී ය.

අදාළ කාන්තාව බ්‍රසීලයේ සිටි ඩුබායි හරහා මෙරටට පැමණි බව රේගුව සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]