අනවසරයෙන් පස් ප්‍රවාහනය කළ ටිපර් රථ 07ක් සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට

අනවසරයෙන් පස් ප්‍රවාහනය කළ ටිපර් රථ 07ක් සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට

අනවසරයෙන් පස් ප්‍රවාහනය කළ ටිපර් රථ 07ක් සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

15 Feb, 2016 | 10:21 am

බලපත්‍ර නොමැතිව පස් ප්‍රවාහනය කරන ලද ටිපර් රථ 07 ක් සමග සැකකරුවන් 07 දෙනෙකු අම්පාර නගරයේදී හා ගල්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් අම්පාර, උහන, ඉඟිනියාගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ය.

ලද තොරතුරකට අනුව අම්පාර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් මෙම වැටලීම ක්‍රියාත්මක කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]