12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල උත්කර්ෂවත්ව ඇරඹෙයි

12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල උත්කර්ෂවත්ව ඇරඹෙයි

12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල උත්කර්ෂවත්ව ඇරඹෙයි

කර්තෘ Chathuranga Rajapaksha

05 Feb, 2016 | 9:03 pm

දකුණු ආසියාවේ රටවල් අටක සහභාගීත්වයෙන් පැවැත්වෙන, කලාපයේ අසිරිමත් ක්‍රීඩා සැණකෙළිය, 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අද ඉන්දියාවේ ගුවහාටි නගරයේදී ආරම්භ විය.

ක්‍රීඩා උළෙලට, ශ්‍රී ලංකව නියෝජනය කරමින්, එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 467කි.

දකුණු ආසියායු ක්‍රීඩා උළලේ සමාරම්භක උත්සවය අද ගුවහාතී හී, ඉන්දිරා ගාන්ධී ක්‍රීඩාංගණයේදී උත්සවශ්‍රීයෙන් ආරම්භ විය.

ඒ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙවර ක්‍රීඩා උළෙල, ගුවහාතී සහ ෂිලොන්ග් යන නගර දෙකක කේනද්‍ර කර ගනිමින්, පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ෂිලෝන් හී ශ්‍රී ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී හෙට සමාරම්භක උළෙල පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල පැවැත්වෙන ඉන්දිරා ගාන්ධී ක්‍රීඩාංගණයට ක්‍රීඩා ලෝලීන් දහස් ගණනින් එක්ව සිටියහ.

භාරත දේශයේ සංස්කෘතික අංග රාශියක් සමාරම්භක උළෙලට එක් කොට තිබු අතර, ඉන්දියාවේ ප්‍රකට ගායක ගායිකාවන් සහ නළු නිලියන් ඇතුළු කලාකරුවෝ රාශියක් ඊට එක්ව සිටියහ.

තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම, ජාතික ධජය පෙරටු කර ගනිමින්, අභිමානවත් ලෙස, සමාරම්භක උත්සවයට එක්විය.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ, උස පැනීමේ ජාතික ශූර, දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන මංජුල කුමාරයි.

මෙවර තරගාවලිය සඳහා දකුණු ආසියානු කලාපයේ, රටවල් 8 ක්‍රීඩක ක්‍රීඩිකාවන්, 2672 ට අධික පිරිසක් ක්‍රීඩා 23 ක 228 ක් සඳහා තරග වැදීමට නියමිත ය.