විමර්ශනවලින් පසු යෝෂිත ඇතුළු පිරිසට නඩු

විමර්ශනවලින් පසු යෝෂිත ඇතුළු පිරිසට නඩු

විමර්ශනවලින් පසු යෝෂිත ඇතුළු පිරිසට නඩු

කර්තෘ Staff writer

08 Feb, 2016 | 6:36 am

යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් පසු මහාධිකරණයේ නඩු පැවරීමේ ගොනු නීතිපති වෙත භාරදෙන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

මේ කරුණු සඳහන් වන්නේ, ඇමතිවරයා විසින් අද නිකුත් කළ නිවේදනයකදී ය.

සී.එස්.එන්. මාධ්‍ය ආයතනය මගින් මුදල් විශුද්ධිකරණය හා රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් ලැබුණු චෝදනා මත පසුගිය වසරේ මාර්තු 15 වන දා විමර්ශන ආරම්භ කළ බව එම නිවේදනයේ සඳහන්.

මේ සම්බන්ධයෙන් අධිකරණය වෙත වැඩිදුර වාර්තා විස්සක් ඉදිරිපත් කොට නියෝග ලබාගැනීමෙන් පසු යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් බව අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කළේ ය.

මූලික විමර්ශනය වූයේ සී.එස්.එන්. නාලිකාවේ ආරම්භක ප්‍රාග්ධනය වූ රුපියල් මිලියන 234 ක් ලබාගෙන ඇති ආකරයයි.

සමාගමේ මූලික කොටස් සංඛයාව හත්ලක්ෂ හතරක් වන අතර එහි වටිනාකම රුපියල් මිලියන හතක් බව හෙළි වී තිබේ.

ඉතිරි ප්‍රාග්ධනය ලැබුණු ආකාරය විමර්ශනයේදි ඒවා ව්‍යාජ ගනුදෙනු හා විදේශ රාජ්‍යයක සිට නිත්‍යානුකුල නොවන ක්‍රියා මගින් උපයා ගත් මුදල් බවට හෙළි වී ඇතැයි සාගල රත්නායක අමාත්‍යවරයා පොලිස් වාර්තා පදනම් කරගනිමින් සිය නිවේදනයේ සඳහන් කරයි.

අදාල ගනුදෙනු සම්බන්ධයෙන් පෙන්වාදුන් ආකාරය සත්‍ය වශයෙන් සිදු වී නොමැති බව හෙළි වී ඇතැයි ද මේ නිවේදනයේ සඳහන්.

මේ අනුව, ලුතින් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළ බව ඇමතිවරයා පැවසී ය.

ඉහත වරදට අමතරව මේ සැකකරුවන් කූට ලේඛන පිළියෙල කිරීම, සාපරාදි විශ්වාසය කඩකිරීම, සාවද්‍ය පරිහරණය, රේගු පනතට ගැනෙන වැරදි සිදුකිරීම සමාගම් පනත උල්ලංඝණය කිරීම, රාජ්‍ය දේපළ අවභාවිතය ආදි කරුණු සම්බන්ධයෙන් වැරදි සිදුකර ඇති බැවින් ඒ ඔස්සේ තවදුරටත් විමර්ශ කටයුතු සිදුකරන බව සාගල රත්නායක මහතා සදහන් කළේ ය.

මේ කිසිදු පරීක්ෂණයකට ජනාධිපති අගමැති ඇතුළු කිසිදු දේශපාලනඥයෙකු හෝ නිලධාරියෙකුගේ බලපෑමක් සිදු නොවන බව ද නීතිය හා සාමාය පිළිබඳ අමාත්‍යවරයා අවධාරණය කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]