යතුරු පැදියක් බස් රථයක ගැටී බසයේ සිටි 20ක් රෝහලේ

යතුරු පැදියක් බස් රථයක ගැටී බසයේ සිටි 20ක් රෝහලේ

යතුරු පැදියක් බස් රථයක ගැටී බසයේ සිටි 20ක් රෝහලේ

කර්තෘ Sagarika Chathumali

08 Feb, 2016 | 5:41 pm

ගලේවෙල, ඕමාරගොල්ල ප්‍රදේශයේදී බස් රථයක් යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තවත් 20 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

අප වාර්තාකරු පැවසුවේ, ඇඹිලිපිටියේ සිට වව්නියාව බලා ධාවනය වූ බස් රථයක් අද පස්වරු 3ට පමණ එලෙස අනතුරට ලක්ව ඇති බව ය.

යතුරු පැදියේ ගැටුණු බස් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගසක ගැටී තිබේ.

අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇති අතර තුවාලකරුවන් ගලේවෙල රෝහලට ඇතුළත් කර තිබේ.

බරපතළ තුවාල ලැබූ 7 දෙනෙකු දඹුල්ල රෝහලට මාරුකර යැවූ බව රෝහල් ප්‍රකාශයෙක් සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]