බලපත්‍ර නොමැති පෞද්ගලික බස්රථ වලට ලක්ෂ දෙකක දඩ

බලපත්‍ර නොමැති පෞද්ගලික බස්රථ වලට ලක්ෂ දෙකක දඩ

බලපත්‍ර නොමැති පෞද්ගලික බස්රථ වලට ලක්ෂ දෙකක දඩ

කර්තෘ Staff writer

08 Feb, 2016 | 7:48 am

බලපත්‍ර නොමැතිව ධාවනයේ නිරතවන බස් රථවලට එරෙහිව පනවන දඩයේ උපරිමය රුපියල් ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවීමට අවදානය යොමු වී ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති එම්.ඒ.පී.හේමචන්ද්ර මහතා පැවසුවේ, බස් රථ උපයන ආදායම අනුව දැනට ඒ සම්බන්ධයෙන් පනවන රුපියල් දස දහසක දඩය ප්‍රමාණවත් නොවන බව ය.

දිවයින පුරා බස් රථ විශාල සංඛ්‍යාවක් බලපත්‍ර රහිතව ධාවනයේ නිරත වන බව ඔහු සඳහන් කළේ ය.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන වැටලීම් දැඩි කිරීමට පියවර ගෙන ඇති බව ය.