නිශාන්ත ශ්‍රී වර්ණසිංහට අහිමි වූ පළාත් අමාත්‍ය ධුරය සුමිත්ලාල් මෙන්ඩිස්ට

නිශාන්ත ශ්‍රී වර්ණසිංහට අහිමි වූ පළාත් අමාත්‍ය ධුරය සුමිත්ලාල් මෙන්ඩිස්ට

නිශාන්ත ශ්‍රී වර්ණසිංහට අහිමි වූ පළාත් අමාත්‍ය ධුරය සුමිත්ලාල් මෙන්ඩිස්ට

කර්තෘ Sagarika Chathumali

08 Feb, 2016 | 4:14 pm

සුමිත්ලාල් මෙන්ඩිස් මහතා අද බස්නාහිර පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්න්නේ ය.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා පැවසුවේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඔහු ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ය.

මීට පෙර බස්නාහිර පළාත් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස නිශාන්ත වර්ණසිංහ මහතා කටයුතු කළ අතර ඒ වෙනුවට සුමිත් ලාල් මෙන්ඩිස් මහතා පත් කළ බව ප්‍රධාන අමාත්‍යවරයා පැවසී ය.

බස්නාහිර පළාත් සභාවේ 2016 වසර සඳහා වූ අයවැයේදී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාට අයත් විෂයන්හි වැය ශිර්ෂ පරාජයට පත් වීම හේතුවෙන් ඔහුට සිය අමාත්‍ය ධුරය අහිමි විය.

සුමිත්ලාල් මෙන්ඩිස් මහතා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් බස්නාහිර පළාත් සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකි.