උතුරු ඊශ්‍රායලයේ මාර්ගයක ගමන් ගත් ට්‍රක් රථයක් කරණම් ගසයි (VIDEO)

උතුරු ඊශ්‍රායලයේ මාර්ගයක ගමන් ගත් ට්‍රක් රථයක් කරණම් ගසයි (VIDEO)

කර්තෘ Sagarika Chathumali

08 Feb, 2016 | 3:59 pm

උතුරු ඊශ්‍රායලයේ සිදු වූ ට්‍රක් රථ අනතුරකින් එහි ගමන් ගත් පිය පුතු දෙපළක් තුවාල ලබා තිබේ.

අනතුර සිදුව ඇත්තේ, ට්‍රක් රථය මාර්ගයෙන් ඉවතට ගොස් පෙරළී යාමෙනි.

අනතුරට ලක් වූ රථය තුළ සිරවී සිටි පියා පළමුව බේරා ගෙන ඇති අතර ඒ තුළ සිරව සිටි වයස අවුරුදු 10ක් වූ දරුවා ඉවතට ගැනීමට පැය කිහිපයක මෙහෙයුමක් දියත් කිරීමට ආරක්ෂක අංශවලට සිදුව ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.

ට්‍රක් රථයේ සිට බේරා ගත් පියා සහ පුතා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ පැවති අධික වර්ෂාව හා කුණාටු සහිත කාලගුණය අනතුරට හේතුව වන්නට ඇතැයි ඊශ්‍රායල් පොලීසිය පවසයි.