ඇලකට වැටීමෙන් වයස අවුරුදු එක හමාරක දැරියක් මරුට (VIDEO)

ඇලකට වැටීමෙන් වයස අවුරුදු එක හමාරක දැරියක් මරුට (VIDEO)

කර්තෘ Staff writer

08 Feb, 2016 | 8:59 am

වැලිගම, කොරටුව ප්‍රදේශයේදී නිවස අසල ඇලකට වැටීමෙන් වයස අවුරුදු එක හමාරක දැරියක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරු 5 ට පමණ දෙමව්පියන් ද නිවසේ සිටින අවස්ථාවක එම අනතුර සිදුව ඇති බව ය.

දරුවාගේ මෘත දේහය වැලිගම, වළාන රෝහලේ තැන්පත් කර ඇති බවත් ඊට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත බව ත් පොලීසිය සඳහන් කළේ ය.

අදාළ ඇල මාර්ගයේ අනාරක්ෂිත බව හේතුවෙන් එම මරණය සිදුව තිබේ.

 

වැලිගම, කොරටුව ප්‍රදේශයේදී ඇලකට වැටීමෙන් අවුරුදු එකහමාරක දැරියක් ජීවිතක්ෂයට

Posted by Newsfirst.lk on Sunday, February 7, 2016

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]