ලේ විලකින් අවසන් වූ නාත්තන්ඩිය ප්‍රධාන පාසලක ආදි සිසු හමුව (VIDEO)

ලේ විලකින් අවසන් වූ නාත්තන්ඩිය ප්‍රධාන පාසලක ආදි සිසු හමුව (VIDEO)

කර්තෘ Sakila Udayakumara

04 Feb, 2016 | 9:21 pm

නාත්තන්ඩිය, මාවිල ප්‍රදේශයේ සාදයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් ඊයේ රාත්‍රියේ පුද්ගලයෙක් මිය ගියේ ය.

පොලීසිය ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ය.

මෙම ගැටුම හටගෙන ඇත්තේ, ඊයේ රාත්‍රියේ නාත්තන්ඩිය, මාවිල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ආදි සිසුන්ගේ හමුවක් අතරතුර ය.

සාදය අතරතුර ඇති වූ කතාබහක් දුරදිග යාම ගැටුමට හේතු වී තිබේ.

එහිදී සිදු වූ වෙඩි තැබීමෙන් අනතුරුව පටිගත කළ දර්ශන පහතින් දැක්වේ.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, සුසන්ත කුරුකුලසූරිය නමැති 39 හැවිරිදි දෙදරු පියෙකි.

ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ඔහු දේශපාලන කටයුතු වල ද නිරත වූ අයෙකි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු වන එච්.ඒ.කේ. ආසිරි නමැත්තා මිය ගිය පුද්ගලයා සමග පෞද්ගලික අමනාපයක් තිබී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

අදාළ පාසලේ ම ආදි සිසුවෙකු වන ඔහු මිය ගිය පුද්ගලයාව කලක් සමීපව ඇසුරු කර තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් සතුව තිබී තම භාරයට ගත් රිවොල්වරය සහ රිපීටර් වර්ගයේ අවිය බලපත්‍ර සහිත ඒවා බව ය.