ජනාධිපති සහ අගමැතිගේ නිදහස් දින සුබපැතුම් පණිවුඩ

ජනාධිපති සහ අගමැතිගේ නිදහස් දින සුබපැතුම් පණිවුඩ

ජනාධිපති සහ අගමැතිගේ නිදහස් දින සුබපැතුම් පණිවුඩ

කර්තෘ Staff writer

04 Feb, 2016 | 7:05 am

68 වන වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සුබපැතුම් පණිවුඩ නිකුත් කර තිබේ.

ජාතික සංහිදියාව සහෝදරත්වය තුළින් එකම රටක් එකම ජාතික ගොඩනැංවීමට කැපවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

68 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ මව්බිමේ උරුමය පොදු ජාතික උරුමයක් සේ හැඟෙන ශ්‍රී ලාංකිකත්වයක් ප්‍රතිනිර්මාණය කිරීමට තමන් ඇතුළු රජය කැප වී සිටින බව ය.

ජාති කුල භේදවලින් තොර මානව සබඳතා ශක්තිමත් වූ සමාජයක් බිහිකිරීම තම අරමුණ බව ද ජනාධිපතිවරයාගේ නිදහස් දින සුබපැතුම් පණිවුඩයේ සඳහන් වෙයි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර ඉදිරියේ මානව හිමිකම් සුරකින නිදහස් හා ගෞරවනීය රටක් ලෙස මෙරට නැවතත් අන්‍යතාව තහවුරු කරමින් සිටින බව ය.

නීතිය සාමය හා සංහිදියාව සුරකිමින් දියුණු ආර්ථික පරිසරයක් රටතුළ ගොඩනැංවීමේ භාරදුර කාර්යයට රජය ඇප කැපවී සිටින බව ද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිදහස් දින පණිවුඩයේ සඳහන්.

රනිල් වික්‍රමසිංහ මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් අවධාරණය කරන්නේ, දේශයේ දියුණුව උදෙසා සැබෑ පුරවැසියන්සේ කැපවීමට මෙවර නිදහස් දිනයේදී අදිටන් කළ යුතු බව ය.