අභිමානවත් 68 වන නිදහස් සැමරුම අදයි

අභිමානවත් 68 වන නිදහස් සැමරුම අදයි

අභිමානවත් 68 වන නිදහස් සැමරුම අදයි

කර්තෘ Staff writer

04 Feb, 2016 | 6:33 am

අභිමානවත් 68 වන නිදහස් දිනය අදට යෙදී තිබේ.

කොළඹ, ගාලුමුවදොර පිටියේදි පැවැත්වෙන නිදහස් දින සැමරුම් ප්‍රධාන උත්වසවය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම්.

උත්සවය පැවැත්වෙන්නේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානාත්වයෙනි.

එම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ද සහභාගිවීමට නියමිත ය.

නිදහස් දිනය පිළිබඳව නිව්ස්ෆස්ට් තබන සටහනක්…

සංස්කෘතික හා සාමාජික වශයෙන් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කී මෙරට පාලනය යුරෝපියන් අතර පත්වුයේ 1505 වසරේදී ය.

එතැන් සිට පිළිවෙළින් පෘතුගීසින් ලන්දේසීන් හා ඉංග්‍රීසින් මෙරට පාලන බලය තමන්වෙත නතුකරගත්හ. ‍‍

මුහුදුබඩ පළාත් හැර රට අභ්‍යන්තරයේ බොහෝ ප්‍රමාණයක් ඒ වන විට ත් ස්වදේශ පාලනයට යටත්ව තිබීම විශේෂත්වයකි.

1505 වසරින් ආරම්භ වූ යටත් විජිත් පාලනයේ සන්ධිස්ථානය වූයේ 1815 වර්ෂයේ මාර්තු මස දෙවන දා අත්සන් තැබූ ‍උඩරට ගිවිසුම ය.

ඉන් මෙරට පාලන බලය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි ජාතිකයින් අතට පත්විණ.

මෙරට සමාජය හා සංකෘතිය පෙරළියකට ලක්වීම ආරම්භ වූයේ ඉන් පසුව ය.

එතැන් සිට රට තුළ නිදහස වෙනුවෙන් විවිධ අරගල ක්‍රියාත්මක කෙරිණ.

ජාතික නිදහස වෙනුවෙන් කැපවූ ජාත්‍යාලයෙන් ඔද වැඩි දේශප්‍රේමින් සමග නිදහස් සටන නව මුහුණුවරක් එක් කෙරිණ.

ගැටුම් වෙනුවට සාකච්ඡා හා සංවාද ඔස්සේ ක්‍රියාත්මක කෙරුණු නිදහස් සටන ක්‍රමයේ ජයග්‍රහණ දක්වා ගමන් කෙරිණ.

1931 වසරේ සර්වජන ඡන්ද බලය ලැබීමත් සමග මෙරට නිදහස ලබාගැනීමේ ක්‍රියාවලිය තවත් අදියරකින් ඉදිරියට ගමන් කළ අතර, එහි අවසන් ප්‍රතිඵලය ලෙස 1948 පෙබරවාරි මස 04 වන දා ශ්‍රී ලංකාවට නිදහස ලබා දීමට බ්‍රිතාන්‍ය කටයුතු කළේ ය.

අනතුරුව විවිධ අරගලවලට මුහුණ දුන් ශ්‍රී ලංකා මාතාව අද නිදහස් රටක් ලෙස අද සහජීවන අරුණලු ඔස්සේ තවදුරට ත් ඉදිරියට ගමන් කරමින් සිටීම අභිමානය තවත් ඔප් නංවන්කි.