වවුනියාවේ 14 හැවිරිදි දැරියට අත් වූ ඛේදනීය ඉරණම

වවුනියාවේ 14 හැවිරිදි දැරියට අත් වූ ඛේදනීය ඉරණම

වවුනියාවේ 14 හැවිරිදි දැරියට අත් වූ ඛේදනීය ඉරණම

කර්තෘ Sakila Udayakumara

19 Feb, 2016 | 6:50 am

වවුනියාව, උක්කුලාන්කුලම් ප්‍රදේශයේ 14 හැවිරිදි දැරිය දූෂණය කර ඝාතනය කර ඇති බව හෙළි වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, වවුනියාව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඊයේ පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒ බව අනාවරණය වූ බව ය.

පසුගිය 14 වන දා දහවල් ඇගේ මව, සහෝදරිය සමග පාසල් ගොස් නිවසට පැමිණි විට අදාළ දැරිය නිවසේ සාරියකින් ගෙළ වැළලාගෙන මිය ගොස් සිටියදී සොයා ගනු ලැබී ය.

නිවැසියන් එහිදී සැක පළ කළේ, මෙය ගෙළ වැළලාගෙන සියදිවි හානි කර ගැනීමක් ලෙස ය.

කෙසේ වෙතත් පසුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පොලීසිය පියවර ගත්තේ ය.

එහිදී අනාවරණය වී ඇත්තේ, අදාළ දැරිය දූෂණය කර ඝාතනය කර ඇති බව ය.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.