පන්දුව ඇසෙහි වැදීමෙන් නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක මිචෙල් මැක්ලනගන්ට ශල්‍යකර්මයක්

පන්දුව ඇසෙහි වැදීමෙන් නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක මිචෙල් මැක්ලනගන්ට ශල්‍යකර්මයක්

පන්දුව ඇසෙහි වැදීමෙන් නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක මිචෙල් මැක්ලනගන්ට ශල්‍යකර්මයක්

කර්තෘ Staff writer

26 Jan, 2016 | 12:18 pm

පකිස්ථානයට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේදී පන්දුව ඇසෙහි වැදීම හේතුවෙන් රෝහල් ගත කළ නවසීලන්ත ක්‍රීඩක මිචෙල් මැක්ලනගන්ට ශල්‍යකර්මයක් සිදු කළ යුතු බව වෛද්‍යවරු පවසති.

සංචාරක පකිස්ථානයට එරෙහිව වෙලිංටන්හිදී පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායමට ලකුණු 70ක ජයක් හිමි විය.

එහි නවසීලන්ත ඉනිමේ අවසන් පන්දු වාරයේදී පකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක අන්වර් අලී යැවූ පන්දුවක් මිචෙල් මැක්ලනගන්ගේ වම් ඇසෙහි වැදිණි.

ඒ හේතුවෙන් ඔහුට තවදුරටත් පන්දුවට පහර දීමට නොහැකි විය.

පසුව මිචෙල් මැක්ලනගන් රෝහල් ගත කෙරුණු අතර ඔහුගේ වම් ඇස ආශ්‍රිතව අස්ථි බිඳීමක් සිදුව ඇති බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ, මැක්ලනගන්ට ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍ය බව ය.

මිචෙල් මැක්ලනගන් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 48 ක් සහ පන්දුවාර 20 යි 20 තරග 24 කට ක්‍රීඩා කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]