බස්නාහිර අයාලේ යන සුනඛයින් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවයි: ජලභීතිකාව මර්දනයට විශේෂ වැඩපිළිවෙළක්

බස්නාහිර අයාලේ යන සුනඛයින් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවයි: ජලභීතිකාව මර්දනයට විශේෂ වැඩපිළිවෙළක්

බස්නාහිර අයාලේ යන සුනඛයින් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවයි: ජලභීතිකාව මර්දනයට විශේෂ වැඩපිළිවෙළක්

කර්තෘ Sakila Udayakumara

23 Jan, 2016 | 8:03 am

බස්නාහිර පළාතේ අයාලේ යන සුනඛයින්ගේ සංඛ්‍යාව දෙලක්ෂයකට අධික බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීප්ති පෙරේරා මහත්මිය පවසයි.

ඇය පැවසුවේ, ජලභීතිකා රෝගය මර්දනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක බව ය.

ජලභීතිකාව හේතුවෙන් මිය යන පුද්ගලයින්ගෙන් අඩක් ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බව වෛද්‍ය දීප්ති පෙරේරා මහත්මිය පැවසුවා ය.

අවුරුදු 3ත් 5ත් අතර කාලය අතරතුරදී බස්නාහිර පළාතෙන් ජලභීතිකාව තුරන් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කළා ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]