ඝාතකයින් තිදෙනෙකුට යාපනය මහාධිකරණයෙන් මරණ දඬුවම

ඝාතකයින් තිදෙනෙකුට යාපනය මහාධිකරණයෙන් මරණ දඬුවම

ඝාතකයින් තිදෙනෙකුට යාපනය මහාධිකරණයෙන් මරණ දඬුවම

කර්තෘ Staff writer

18 Jan, 2016 | 2:57 pm

පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ තිදෙනෙකුට යාපනය මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කෙරිණ.

යාපනය මහාධිකරණ විනිසුරු මානික්ක වසහර් ඉලං චෙලියන් මහතා විසින් අදාළ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරනු ලැබී ය.

2006 වසරේදී යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේදී, 50 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයින්ට චෝදනා එල්ල වී තිබිණ.

අද එලෙස මරණ දඬුවම් නියමවූයේ, කොකුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකුට ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]