ඓතිහාසික මහනුවර වායු දූෂණය ඉහළට

ඓතිහාසික මහනුවර වායු දූෂණය ඉහළට

ඓතිහාසික මහනුවර වායු දූෂණය ඉහළට

කර්තෘ Sakila Udayakumara

17 Jan, 2016 | 7:29 am

මහනුවර නගරයේ වායු දූෂණය තවදුරට ත් ඉහළ මට්ටමක පවතින බව පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශය පවසයි.

එහි වායු දූෂණ ඒකකයේ අධ්‍යක්ෂ අනුර ජයතිලක මහතා සඳහන් කළේ, මහනුවර නගරයේ වායු කොටස් මිලියනයක මයික්‍රෝන 10 ප්‍රමාණයේ දූවිලි අංශු 90 ට වඩා ඉහළ අගයක පවතින බව ය.

ඇතැම් දිනවල මෙම අගය 110 ඉක්මවන බව ද ඔහු සඳහන් කළේ ය.

වායු ගෝලයේ පැවතිය යුතු ප්‍රමිතිය වන්නේ, වායු කොටස් මිලියනයක මයික්‍රෝන 10 ප්‍රමාණයේ දූවිලි අංශු 50 ට අඩු අගයක පැවතීම ය.

මෙම තත්ත්වය මහනුවර නගර වාසීන්ගේ සෞඛ්‍යයට බලවත් තර්ජන මතු කරන බව ද අනුර ජයතිලක මහතා පැවසී ය.

ඔහු සඳහන් කළේ, වායූ දූෂණය ඉහළ යාම මහනුවර නතරයේ පෞරාණික ස්මාරකවල ආරක්ෂාවට ද තර්ජනයක් බව ය.

අධික රථ වාහන තදබදය හා නගරය පිහිටි භූ ගෝලීය පරිසරය මේ සඳහා ප්‍රධාන හේතුව බව පරිසර අමාත්‍යංශය පෙන්වා දෙයි.

මේ අතර මහනුවර නගරයේ වායු දූෂණය අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, මහනුවර රථ වාහන තදබදය අවම කිරීම සඳහා උමං මාර්ගයක් ද ඉදිකරන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]