
ඇඹිලිපිටියේ හිටපු OICට යළි ත් ස්ථාන මාරුවක්
ඇඹිලිපිටියේ හිටපු OICට යළි ත් ස්ථාන මාරුවක්
කර්තෘ Sagarika Chathumali
ඇඹිලිපිටියේ සාදයක ඇති වූ ගැටුමකදී තරුණයෙකු මිය යාමේ සිද්ධියෙන් අනතුරුව තාවකාලිකව අවිස්සාවේල්ල පොලීසියට අනියුක්ත කළ ඇඹිලිපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයට නැවත ස්ථාන මාරු කර තිබේ.
පොලිස් මූලස්ථානයට නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මීට අමතරව සහකාර පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකු ද ස්ථාන මාරු කර ඇති බව ය.
ඒ අනුව රත්නපුර කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරීවරයා ඇඹිලිපිටිය කොට්ටාසයට ස්ථාන මාරු කර තිබේ.
මීට අමතරව ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ඒ. සෝමරත්න මහතා පිළියන්දල සිට ඇඹිලිපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස ස්ථාන මාරු කර තිබේ.
පොලිස් මුලස්ථානය සඳහන් කළේ, තවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4 දෙනෙකු සහ පොලිස් පරික්ෂකවරුන් 2 දෙනෙකු ද ස්ථාන මාරු කර ඇති බව ය.
සේවා අවශ්‍යතා මත වහා ම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් ය.
- ”බල පුළුවන්කාරකම් සහ වෘත්තිය ගරුත්වය කෙළෙසීම් දුටු විට නොදැක්කා සේ සිටිය නොහැකි වුණා” – කැරොලයින් ජූරි
- බැටික්ලෝ කැම්පස් කොතලාවල සරසවිය යටතට හෝ වෙනම සරසවියක් බවට පත් කරනවා – අධ්‍යාපන ඇමති
- හම්බන්තොට ආ විකිරණශීලි ද්‍රව්‍ය සහිත නැව මෙරට මුහුදෙන් පිටව යයි
- BREAKING : චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි ලබන 27 දිවයිනට
- මාලේ ගුවන් තොටුපොළේදී ශ්‍රීලංකන් ගුවන් යානයකට අලාභහානි
- මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන්නන් සෙවීමට ළඟදීම විශේෂ උපකරණක්
- අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටරයකට යාපනයේදී වෙඩි
- ඕමන්තේදී ගවයින් 16ක් දුම්රියක ගැටෙයි
- පාර්ලිමේන්තුවේ වූ නොසන්සුන්තාව ගැන විමර්ශනයක්
- ”ලබන 27 විශ්වවිද්‍යාල විවෘත වන්නේ නැහැ” – අධ්‍යාපන ඇමති