පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

කර්තෘ Chathuranga Rajapaksha

12 Jan, 2016 | 6:28 am

සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමා ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ, නව බදු මත සියලු භාණ්ඩ මිල ඉහළ ගොස් තිබීම හේතුවෙන් එලෙස බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට සිදුව ඇති බව ය.

ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් පහකින් ඉහළ ගොස් ඇතැයි ද ඔහු කියා සිටියේය.

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමත් සමග ඒවා අලෙවි කරගැනීමේ දැඩි දූෂ්කරතාවකට බේකරි හිමියන් මුහුණ දී සිටින බව ද එන්.කේ ජයවර්ධන මහතා පැවසීය.