20 යි 20 පෙරමුණේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන තැන දක්වා පසු බසී

20 යි 20 පෙරමුණේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන තැන දක්වා පසු බසී

20 යි 20 පෙරමුණේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන තැන දක්වා පසු බසී

කර්තෘ Sagarika Chathumali

10 Jan, 2016 | 8:10 pm

පන්දු වාර 20 යි 20 ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසු වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තෙවන ස්ථානය දක්වා පසු බැසීමට  අද සිදුවිය.

ඒ, නවසීලන්තයට එරෙහිව පැවති දෙවනි පන්දු වාර 20යි 20 තරගයෙන් ද පරාජය වීම හේතුවෙනි.

නවසීලන්තයේ ඊඩ්න් පාක් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 6 ක්  ලකුණු 70 ක් තුළ දැවී ගියේ ය.

ඇන්ජලෝ මැතිව්ස් හුදකලා ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 81 ක් රැස් කළේ, ශ්‍රී ලංකාව ගෞරවාන්විත ලකුණු මට්ටමක් කරා ගෙන යමිනි.

ටී. එම්. ඩිල්ශාන් රැස් කළ ලකුණු 28ට අමතරව එකදු පිතිකරුවෙකුට හෝ ලකුණු 10 සීමාව හෝ පසුකිරීමට හැකි නොවීය.

ඒ අනුව ශ්‍රී ලංකාව කඩුලු 8 ක් දැවී රැස්කළේ, ලකුණු 142 ක් පමණි.

පිළිතුරු නවසීලන්ත ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන් මාටින් ගප්ටිල් හා නායක කේන් විලියම්සන් පළමු කඩුල්ලට ලකුණු 89 ක සබඳතාවක් ගොඩනැගූහ.

ගප්ටිල් පන්දු 19 කදී අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 63 ක් රැස් කළේ, නවසීලන්තය වෙනුවෙන් වේගවත් ම අර්ධ ශතකය වාර්තා කළ ක්‍රීඩකයා වෙමිනි.

නමුත් ඔහුගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි කොලින් මොන්රෝ  පන්දු 14 කින් නොදැවී අර්ධ ශතකයක් වාර්තා කරමින්  ගප්ටිල් වාර්තා කළ වේගවත් ම අර්ධ ශතකයේ වාර්තාව තමා සතුකර ගත්තේ ය.

ඒ අනුව නවසීලන්තය පන්දුවාර 10 ක් තුළ තරගයේ ජය වාර්තා කළේ,  කඩුලු 9 ක් පමණක් දැවී සිටියදී ය.

මේ අතර අද පැවති තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගණ ආරක්ෂක අංශයෙන් හා පොලීසියෙන් බාධා එල්ල වූ බව වාර්තා වේ.

ශ්‍රී ලංකා – නවසීලන්ත 20 යි 20 ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ලාංකික ක්‍රීඩා ලෝලීන්ට පොලීසියෙන් බාධා එල්ල වූ බවට චෝදනා

Posted by Newsfirst.lk on Sunday, January 10, 2016

මේ සම්බන්ධයෙන් තරගය නැරඹීමට පැමිණ සිටි නවසීලන්ත ක්‍රීඩා ලොලීන් ද  සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිය අප්‍රසාදය පළ කර තිබේ.

ඔවුන්  එහිදී පෙන්වා දෙන්නේ, සංචාරක කණ්ඩායමේ ක්‍රීඩා ලොලීන්ට ද තරග නැරඹීමේදී  එය නිදහසේ  සිදුකිරීමට අවස්ථාව ලබා දිය යුතු බව ය.

නවසීලන්ත ගුවන් විදුලි සේවයේ නිදහස් මාධ්‍ය වේදියෙකු වන ජෙමී වෝල් ස්පෝර්ට්ස් ෆස්ට් වෙත ප්‍රකාශ කළේ,  මීට පෙර  මෙවැනි සිදුවීමක් සිදුව නොමැති බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]