සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි නොවූ පෞද්ගලික රෝහල් හා වෛද්‍ය ආයතන වටලයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි නොවූ පෞද්ගලික රෝහල් හා වෛද්‍ය ආයතන වටලයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි නොවූ පෞද්ගලික රෝහල් හා වෛද්‍ය ආයතන වටලයි

කර්තෘ Sakila Udayakumara

10 Jan, 2016 | 8:03 am

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි නොවූ පෞද්ගලික රෝහල් හා වෛද්‍ය ආයතන වැටලීමට කටයුතු කරන බව පෞද්ගලික වෛද්‍ය සේවා නියාමන සභාව පවසයි.

එහි ලේකම් වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දී ඇති බව ය.

ලියාපදිංචි නොවූ වෛද්‍ය ආයතනවලින් ජනතාවට විඳීමට සිදු වන පීඩා සලකා බලා මෙම පියවර ගන්නා බව ද ඇය සඳහන් කළා ය.

රජයේ ලියාපදිංචි නොවූ පෞද්ගලික වෛද්‍ය ආයතනවලින් ප්‍රතිකාර නොගන්නා ලෙස වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]