සිංහරාජයට මායිම්ව ඇති සියලු ම ඉඩම් මේ වසර තුළ පවරා ගන්නා බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි

සිංහරාජයට මායිම්ව ඇති සියලු ම ඉඩම් මේ වසර තුළ පවරා ගන්නා බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි

සිංහරාජයට මායිම්ව ඇති සියලු ම ඉඩම් මේ වසර තුළ පවරා ගන්නා බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි

කර්තෘ Sakila Udayakumara

10 Jan, 2016 | 7:51 am

සිංහරාජ වනාන්තරයට මායිම්ව ඇති ඉඩම් සියල්ල මේ වසර ඇතුළත පවරා ගැනීම අවසන් කරන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වන සංරක්ෂණ ජෙනරාල් අනුර සතුරුසිංහ මහතා සඳහන් කළේ, මේ යටතේ වනාන්තරයට මායිම්ව පිහිටි ඉඩම් හෙක්ටයාර 1000 ක් පමණ තම දෙපාර්තමේන්තුවට පවරා ගන්නා බව ය.

ඒ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් හා පෞද්ගලික ඉඩම් ද වන බව ඔහු සඳහන් කළේ ය.

සිංහරාජ වනාන්තරය ආසන්නයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ කිහිපයක ඉඩම්වල සිදු වන වන සංහාරය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම පවරා ගැනීම් කඩිනම් කළ බව ද ඔහු පැවසී ය.

මේ පිළිබඳව පසුගිය දිනවල අවස්ථා කිහිපයකදී නිව්ස්ෆස්ට් අනාවරණය කළේ ය.

පවරා ගැනීමට නියමිත ඉඩම් බදු නොදෙන ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට දැනුම් දී ඇති බව ද අනුර සතුරුසිංහ මහතා සඳහන් කළේ ය.

කෙසේ වෙතත් සිංහරාජ වනාන්තරයට මායිම්ව ඇති පවරා ගැනීමට සැලසුම් කළ ඉඩම්වල යම් වන විනාශයක් සිදු වන්නේදැයි විමසිල්ලෙන් සිටින ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ද අනුර සතුරුසිංහ මහතා පැවසී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]