රුසියානු වෛද්‍යවරයෙක් මැරයෙකු බවට පත් වූ අවස්ථාවක් (CCTV දර්ශන)

රුසියානු වෛද්‍යවරයෙක් මැරයෙකු බවට පත් වූ අවස්ථාවක් (CCTV දර්ශන)

කර්තෘ Sagarika Chathumali

10 Jan, 2016 | 7:01 pm

රුසියානු වෛද්‍යවරයෙකු මැරයෙකු බවට පත් වූ අවස්ථාවක් දැක්වෙන CCTV දර්ශන පෙළක් මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ, ප්‍රචලිත වෙමින් තිබේ.  

මෙය සිදුව ඇත්තේ, පසුගිය දෙසැම්බර් 29 වන දා බෙල්ගොරොඩ් නගරයේ රෝහලකදී  ය.

රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අදාළ රෝගියා තමන්ට පා පහරක් එල්ල කළ බවට එක් හෙදියක් වෛද්‍යවරයාට දැනුම් දී ඇති බව ය.

එය සැලවීමෙන් කුපිත වූ ශල්‍ය වෛද්‍යවරයා රෝගියාට වියරුවෙන් මෙන් පහර දෙන අයුරු අදාළ දර්ශ පෙළෙහි සටහන්ව ඇත.

මෙලෙස අදාළ වෛද්‍යවරයා එම රෝගියාට පහර පිට පහර එල්ල කරන්නේ තවත් හෙදියක් ඔහුට ප්‍රතිකාර කරමින් සිටියදී ය.

වෛද්‍යවරයාගේ පහර දීමෙන් 56 හැවිරිදි රෝගියා ජීවිතක්ෂයට පත්ව ඇත.

රුසියානු මාධ්‍ය වාර්තා ක‍ළේ හිසේ පසු පස කොටස බිම වැදීමෙන් හිස් කබළට සහ මොළයට සිදූවූ කම්පනය රෝගියාගේ මරණයට හේතු වී ඇති බව ය.

වෛද්‍යවරයාගේ නොසැළකිල්ල හේතුවෙන් සිදු වූ මරණයක් ලෙස මෙය සැලකෙන අතර ඊට අදාළ වෛද්‍යවරයාට වසර 2ක සිර දඬුවමක් නියම වනු ඇතැයි, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරීන් රුසියානු මාධ්‍ය වෙත පවසා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]