මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් මාලිගාවත්තේදී අත්අඩංගුවට (VIDEO)

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් මාලිගාවත්තේදී අත්අඩංගුවට (VIDEO)

කර්තෘ Sagarika Chathumali

10 Jan, 2016 | 5:07 pm

හෙරොයින් ක්‍රිලෝග්‍රෑම් 1ක් සමග මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද උදෑසන මාලිගාවත්ත පොලීසියේ දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව ය.

සැකකරු සතුව තිබී හෙරෝයින්  ක්‍රිලෝ 1යි  ග්‍රෑම් 750ක් සොයා ගත් බව ද පොලීසිය පැවසී ය.

පසුගිය දින 4 තුළ කරන ලද වැටලීම්වලින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් ලද තොරතුරක් අනුව එම ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]