මත් පෙති අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ දෙදෙනෙක් නීතියේ රැහැනට කොටුවෙති

මත් පෙති අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ දෙදෙනෙක් නීතියේ රැහැනට කොටුවෙති

මත් පෙති අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ දෙදෙනෙක් නීතියේ රැහැනට කොටුවෙති

කර්තෘ Sakila Udayakumara

10 Jan, 2016 | 9:16 am

මත්වීම සඳහා භාවිත කරන පෙති විශේෂයක් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු මීගමුව මඤ්ඤොක්කා හේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කළ මෙහෙයුමකිනි.

ඔවුන් සතුව තිබී මිල අධික මත් පෙති 236ක් සොයා ගෙන තිබේ.

ඉන් එක් පෙත්තක් රුපියල් 3000 ත් 4000 ත් අතර මිලකට විකුණා ඇති බව සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළි වී තිබේ.

මෙම මත් පෙති සැකකරුවන් රාත්‍රී සමාජ ශාලාවලට පැමිණෙන පුද්ගලයින්ට විකුණා ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]