නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව අසරණ වේ

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව අසරණ වේ

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව අසරණ වේ

කර්තෘ Sakila Udayakumara

10 Jan, 2016 | 11:06 am

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවති පන්දුවාර 20යි 20 දෙවන ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 9ක විශිෂ්ට ජයක් අත් කර ගත්තේ ය.

කාසියේ වාසිය හිමි කර ගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 142කි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 81ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායමේ ග්‍රාන්ට් එලියට් කඩුලු 4ක් දවා ගත් අතර ඇඩම් මිල්නේ හා මිචෙල් සැට්නර් අතර කඩුලු 2ක බැගින් බෙදී ගියහ.

ලකුණු 142ක ඉලක්කයක් කරා හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 10ක් අවසානයේ ලකුණු 147ක් රැස් කරමින් සිය ජයග්‍රහණය කරා හඹා ගියේ ය.

නවසීලන්තය වෙනුවෙන් මාර්ටින් ගප්ටිල් ලකුණු 65ක් ද, කොලින් මන්රෝ ලකුණු 50ක් ද රැස් කළහ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තිසර පෙරේරා එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.