දින100යේ ආණ්ඩුවෙන් නම පමණක් වෙනස් වූ අධිවේගී මාර්ගය පිළිබඳ අමතක ද? (VIDEO)

දින100යේ ආණ්ඩුවෙන් නම පමණක් වෙනස් වූ අධිවේගී මාර්ගය පිළිබඳ අමතක ද? (VIDEO)

කර්තෘ Sagarika Chathumali

10 Jan, 2016 | 9:54 pm

පසුගිය රජය 2014 වසරේදී  කඩවත සිට මීරිගම දක්වා මං තීරු 6ක් සහ අන්තර් හුවමාරු 2ක් සහිතව මාර්ග පද්ධතියක් ඉදි කිරීමට යෝජනා කරනු ලැබීය.

උතුරු අධිවේගී මාර්ගය ව්‍යාපෘතිය ලෙස නම් කළ එම සැලසුම සඳහා ඇස්තමේන්තු කළ මුදල රුපියල් බිලියන 120 කි.

කෙසේ වෙතත් දින 100යේ ආණ්ඩුව මෙම ඇස්තමේන්තුව විවේචනය කරමින් සඳහන් කළේ, අනවශ්‍ය වැය කපා දැමූ  බව ය.

මේ අනුව 2015 අගෝස්තු 3 වන දා ව්‍යාපෘතියේ නම මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස වෙනස් කරමින්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  කඩවත සිට මිරිගම දක්වා වූ පළමු අදියරේ ඉදිකිරීම් ආරම්භ විය.

එහි ඇසත්මේන්තුගත මුදල රුපියල් බිලියන 145.9කි.

ඒ අනුව කිලෝ මීටරයක් ඉදිකිරීමට වැයවන මුදල රුපියල් බිලියන 4.5කි.

2015 අගෝස්තු 5 වන දා එවක විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ, මධ්‍යම අධිවේගි මාර්ගයේ ඇස්තමේන්තු මුදල් ගැන විවේචන එල්ල කළ දින 100යේ රජය ඊට වඩා වැඩි මුදලකට ඉදිකිරීම් ආරම්භ කර ඇති බව ය.

වැය වන මුදල පිළිබඳ දේශපාලන තර්ක විතරක් නැගුණ ද අවසානයේ මාර්ගයේ ඉදිකිරීම් පවරනු ලැබුවේ මුලදී ඇස්තමේන්තුව ලබාදුන් චීන සමාගමටම ය.

ණය ලබාගෙන ඇත්තේ ද කලින් සැලසුම් කළ චීන බැංකුවෙන් ම වීම විශේෂත්වයකි.