ගල්ගමුව ප්‍රදේශයේ ගොවියෙක් ලබා දුන් වෙනස් ම ආකාරයේ දානමය පිංකමක් (VIDEO)

ගල්ගමුව ප්‍රදේශයේ ගොවියෙක් ලබා දුන් වෙනස් ම ආකාරයේ දානමය පිංකමක් (VIDEO)

කර්තෘ Sakila Udayakumara

10 Jan, 2016 | 7:07 am

පිං පතන පරිත්‍යාගශීලීන් විවිධ ක්‍රම මගින් දන් දීම සිදු කරන අයුරු දැක ගත හැකි ය.

වසන්ත කුමාර ගල්ගමුව, නාන්නේරිය, නල්ලච්චිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තිදරු පියෙකි.

සාමාන්‍යයෙන් ගොවියෙකු මුහුණ දෙන දුක් කම්කටොලුවලින් මොහුට ද අඩුවක් නොමැත.

එසේ තිබියදී ත් වසන්ත ඊයේ වෙනස් ම ආකාරයේ දානමය පිංකමක් සිදු කළේ ය.

ඒ, මාස ගණනාවක් තම ශ්‍රමය කැප කර වගා කළ කුඹුරු අක්කර 02ක ගවයින්ගේ ආහාරයට ලබා දීමේ ගෝදාන පිංකමයි.

ඔහු ඊට යොමු වූයේ, අස්වනු නෙළීමට ඔන්න මෙන්න තිබූ ගොයමෙන් ලැබිය හැකි මූල්‍යමය වාසියත්, අඹු දරුවන්ගේ බඩ වියත සරි කර ගැනීමේ අපේක්ෂාවත් දෙවැනි තැන තබමිනි.

වසන්ත මේ වගා කටයුතුවලදී කෘමි නාශක හා පොහොර භාවිත නොකිරීම තව ත් විශේෂත්වයකි.

මිය ගිය පියාට පිං පමුණවමින් මෙම ගෝදානය සිදු කළ වසන්තට තෝරව මයිලෑව තිස්සපබ්බතාරාම විහාරවාසී හිමියන්ගේ ආශිර්වාදය ද හිමි විය.