“ආණ්ඩුවේ වැඩට දේවදත්තලා හරස් කපනවා” – ජනපති (VIDEO)

“ආණ්ඩුවේ වැඩට දේවදත්තලා හරස් කපනවා” – ජනපති (VIDEO)

කර්තෘ Sagarika Chathumali

10 Jan, 2016 | 9:12 pm

ජාති භේදය, සංඝ භේදය මහත් වූ පාප කර්මයක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ, නැවත යුද්ධයක් ඇතිවීම වළැක්වීම සඳහා රජය අවශ්‍ය පරිසරය සකසමින් සිටින වටපිටාවක ඇතැම් පාපී සිත් ඇත්තන් ඒවා වැළැක්වීමට ක්‍රියා කරමින් සිටින බව ය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ කොළඹ  දිසාවේ අභිනව ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලද පූජ්‍ය නිකුල ධර්ම කීර්ති ශ්‍රී සීලරතන  පඤ්ඤාසාර නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ පූජෝත්සවයේදී ය.

මෙම උත්සවය පැවැත්වුණේ, කොළඹ කොටුව ශ්‍රී බෝධිරාජ විහාරයේදී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]