පකිස්ථාන අගමැති වෙනුවෙන් ජනපති සංවිධානය කළ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය (Video)

පකිස්ථාන අගමැති වෙනුවෙන් ජනපති සංවිධානය කළ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය (Video)

කර්තෘ Chathuranga Rajapaksha

06 Jan, 2016 | 7:06 pm

තෙදින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණි පකිස්ථාන අග්‍රමාත්‍ය නවාස් ෂරීෆ්  මහතා වෙනුවෙන් ජනාධිපති මන්දිරයේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ කොටුව ජනාධිපති  මන්දිරයේදී එම විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක් සංවිධාන කර තිබුණි.

President and Pakistan PM 1

ජනාධිපති මන්දිරය වෙත පැමිණි  පකිස්ථාන අගමැති  නවාස් ෂරීෆ්  මහතා සහ එම මහත්මිය පිළිගනු ලැබුවේ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පකිස්ථාන අග්‍රමාත්‍යවරයා  වෙත සමරු තිලිණයක් මෙහිදී පිරිනැමුවේය.

රාත්‍රි භෝජන  සංග්‍රහයට පැමිණි පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස, අග්‍රමාත්‍ය රනිල්  වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන  මහතා සමග සමූහ ජයාරූපයකටද පෙනී සිටියහ.

අනතුරුව පකිස්ථාන අග්‍රමාත්‍යවරයා  ජනාධිපති මන්දිරයේ  ඇති  විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතේ සටහනක් ද තැබුවේය.