ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාල් නගරය ආශ්‍රිතව ප්‍රබල භූ චලනයක්

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාල් නගරය ආශ්‍රිතව ප්‍රබල භූ චලනයක්

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාල් නගරය ආශ්‍රිතව ප්‍රබල භූ චලනයක්

කර්තෘ Sakila Udayakumara

04 Jan, 2016 | 7:03 am

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාල් නගරය ආශ්‍රිතව ප්‍රබල භූ චලනයක් සිදු විය.

මූලික වාර්තා අනුව එහි ප්‍රබලත්වය 6.8ක් ලෙස වාර්තා වුවද පසුව එය 6.7ක් බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒකකය සඳහන් කළේ ය.

මනිපූර් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන ඉම්පාල් නුවරට කිලෝමීටර 33ක් වයඹ දෙසට වන්නට චලනයේ අපිකේන්ද්‍රයේ සටහන් විය.

පොළොව මට්ටමේ සිට කිලෝමීටර 55ක් ගැඹුරින් එම භූ කම්පනය සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ ය.

ඉන්දියාවේ ඇසෑම්, බෙන්ගාල්, අරුනාචල්, බිහාර්, ජාර්කාන්ද් ප්‍රාන්තවලට ද භූ කම්පනයේ ප්‍රබලත්වය දැනී තිබේ.

එම කලාපය ආශ්‍රිතව දිවිගෙවන මිලියන 98කට ආසන්න ජන කොටසකට එහි ප්‍රබලත්වය දැනෙන්නට ඇති බව ත් ඉන් මිලියන 2කට අධික ජනතාවට කම්පනය ප්‍රබලව දැනෙන්නට ඇති බව ත් අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒකකය පවසයි.

බංග්ලාදේශයේ ඩකා නුවර බීබීසී වාර්තාකරු සඳහන් කළේ, කම්පනයේ ප්‍රබලත්වය දැනුන ඩකා නුවර වැසියන් සිය වාසස්ථානවලින් ඉවතට ගිය බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]