අපචාර මධ්‍යස්ථානයක් බවට පත් වූ ගලෙන්බිඳුණුවැව යකල්ල ආයුර්වේද රෝහල (Special Report)

අපචාර මධ්‍යස්ථානයක් බවට පත් වූ ගලෙන්බිඳුණුවැව යකල්ල ආයුර්වේද රෝහල (Special Report)

කර්තෘ Chathuranga Rajapaksha

02 Jan, 2016 | 9:23 pm

ගලෙන්බිඳුණුවැව, යකල්ල ආයුර්වේද රෝහල සඳහා භාවිත කළ භූමිය මේ වනවිට කිසිඳු ප්‍රයෝජනයකට නොගැනීමෙන් අපචාර මධ්‍යස්ථානයක් බවට පත්ව ඇතැයි වාර්තා වේ.

1990 සිට යකල්ල ආයුර්වේද රෝහල දහස් ගණන් රෝගීන් සුවපත් කළ ස්ථානයකි.

මෙතැනින් ප්‍රතිකාර ගත් ජනතාව සුවය ලැබීමෙන් පසු බස් නැවතුම්පොළ වැනි පොදු පහසුකම් තම වියදමින් ඉදි කළේ කළගුණ සැළකීමටයි.

එහෙත් හදීසියේ මේ රෝහල වෙනත් ස්ථානයකට රැගෙන යනු ලැබුවේ වර්ෂ 2012දී ය.

එතැන් සිට ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අක්කර 08ක් අත්හැර දැමුණේ 2012 දී ඉදිකළ නව ගොඩනැගිල්ලක් ද ප්‍රයෝජනයට නොගනිමින් ය.

මේ ස්ථානයේ තිබෙන ගොඩනැගිලි විවිධ අපචාර සඳහා තෝතැන්නක් බවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරති.

බෙහෙත් ඔරු පවා හොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ.

රටකට ඔසුපැන් පෙවූ මේ ස්ථානයේ මත්පැන් බොන පිරිසකගේ වාසස්ථානයක් බවට පත්ව ඇති බව ද ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]