පොලීසියේ දෙදෙනෙක්ට කැලණියේදී වෙඩි (Video)

පොලීසියේ දෙදෙනෙක්ට කැලණියේදී වෙඩි (Video)

පොලීසියේ දෙදෙනෙක්ට කැලණියේදී වෙඩි (Video)

කර්තෘ Sakila Udayakumara

31 Dec, 2015 | 4:29 pm

කැලණිය, බුළුගහ හන්දියේදී අද පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සහ තව ත් අයෙක් තුවාල ලැබූහ.

අද පස්වරු 3.30ට පමණ කැලණිය, බුළුගහ හන්දියේදී කිරිබත්ගොඩ බලා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ ගමන් කළ ටිපර් රථයක ගැටී රිය අනතුරක් සිදු විය.

අනතුරුව එම ස්ථානයට පැලියගොඩ පොලීසියේ නිලධාරින් දෙදෙනෙකු ද පැමිණ තිබේ.

ඒ අතර රිය අනතුර නැරඹීමට පැමිණි පිරිස අතර සිටි පුද්ගලයෙක් හෝ කිහිපදෙනෙකු අනතුරට පත් මෝටර් රථයේ රියැදුරුට වෙඩි තබා ඇති අතර එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාට ද වෙඩි වැදී තිබේ.

පසුව ඔවුන් දෙදෙනා ජාතික රෝහලට ඇතුළත් කළහ.

මේ අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ මෝටර් රථයේ රියැදුරු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ඔහුගේ පාදයකට හා පපුවට වෙඩි වැදී ඇති බව ය.

ඩී. මංජුල නමින් හඳුන්වන ‍ඔහු පෑලියගොඩ නාගරික මන්ත්‍රී ෂාමෙල් සඳරුවන් මහතාගේ ඝාතනයේ සැකකරුවෙකු බව ද පොලීසිය සඳහන් කළේ ය.