සීගිරියේ සිතුවම් ගුහාවේ ඡායාරූප ගැනීම හෙට සිට තහනම්

සීගිරියේ සිතුවම් ගුහාවේ ඡායාරූප ගැනීම හෙට සිට තහනම්

සීගිරියේ සිතුවම් ගුහාවේ ඡායාරූප ගැනීම හෙට සිට තහනම්

කර්තෘ Staff writer

31 Dec, 2015 | 6:55 am

සීගිරිය සිතුවම් ගුහාව ආසන්නයේ කඩා වැටුණු බදාම ස්ථරය සංරක්ෂණය කිරීම ආරම්භ කර තිබේ.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් පිරිසක් ඊයේ දිනයේ එම කටයුතු ආරම්භ කළ බව ය.

කඩා වැටුණු බදාම කොටස පිහිටි ස්ථානයේ සංරක්ෂණය අවසන් අධියරට ළඟා වී ඇති අතර සෙසු පළුදු වූ ස්ථාන පිළිසකර කිරීම ද ආරම්භ කර ඇති බව ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

බදාම කොටස කඩා වැටුණේ, පසුගිය දිනවල ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් පර්වතය හා බදාම ස්ථරය අතර තෙතමනය වැඩිවීම බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

මීට අමතරව හෙට සිට සීගිරියේ සිතුවම් ගුහාවේ ඡායාරූප ගැනීම තහනම් කර ඇති බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ආලෝකය යොදා ඡායාරූප ගැනීමෙන් චිත්‍ර වලට හානි සිදුවීම නිසා මේ පියවර ගත් බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]