බස්නාහිර අයවැයට පක්ෂ විපක්ෂ ඒකමතික අනුමැතිය (VIDEO)

බස්නාහිර අයවැයට පක්ෂ විපක්ෂ ඒකමතික අනුමැතිය (VIDEO)

කර්තෘ Sakila Udayakumara

31 Dec, 2015 | 10:08 pm

බස්නාහිර පළාත් සභාවේ ලබන වසර සඳහා වන අයවැය අද ඒකමතිකව සම්මත විය.

සෞඛ්‍ය ඇතුළු විෂයන් කිහිපයකට අදාළ වැය ශීර්ෂ පරාජය වීම හේතුවෙන් බස්නාහිර පළාත් සභාවේ විශේෂ රැස්වීමක් අද කැඳවා තිබිණි.

මෙහිදී සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, කාන්තා කටයුතු, පරිවාස හා ළමා ආරක්ෂක සේවා යන විෂය ක්ෂේත්‍රයන්වලට අදාළ වැය ශීර්ෂ ඒකමතිකව සම්මත කර ගැනිණි.

පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන් මහතාගේ නියෝග මත පළාත් සභා අමාත්‍ය නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා යටතේ තිබූ විෂයන් පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා යටතට පැවරූ බව ද අද සභාවට දැනුම් දුන්නේ ය.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද රැස්වීමට සහභාගී නොවී ය.