පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි

පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි

පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි

කර්තෘ Staff writer

31 Dec, 2015 | 8:28 am

පොළොන්නරුව, මඩකලපුව මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනයට බාදා මතුව තිබේ.

නිව්ස්ෆස්ට් පොළොන්නරුව ප්‍රාදේශීය වාර්තාකරු රොෂාන් තුෂාර පැවසුවේ, මාර්ගයේ ඇතැම් ස්ථානවල අඩි දෙකක පමණ ජල මට්ටමක් පවතින බව ය.

මේ අතර එම මාර්ගයේ පවතින ගමනාගමන දුෂ්කරතා හේතුවෙන් පොළොන්නරුව- මනම්පිටිය අතර විශේෂ දුම්රියක් ධාවනයේ යොදවා ඇති බව අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඊයේ දිනයේත් මෙම දුම්රියේ ගමන් වාර 6 ක් ක්‍රියාත්මක කෙරිණ.