පළාත් පාලන ආයතන 23ක නිල කාලය දීර්ඝ කෙරේ

පළාත් පාලන ආයතන 23ක නිල කාලය දීර්ඝ කෙරේ

පළාත් පාලන ආයතන 23ක නිල කාලය දීර්ඝ කෙරේ

කර්තෘ Staff writer

31 Dec, 2015 | 7:15 am

පළාත් පාලන ආයතන 23ක නිල කාලය තව ත් මාස 6කින් දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය ඊයේ රාත්‍රීයේ නිකුත් කෙරිණ.

එම පළාත් පාලන ආයතනවල නිල කාලය අදින් අවසන්වීමට නියමිත අතර ගැසට් පත්‍රය මගින් අදාළ ආයතනවල නිල කාලය ලබන ජුනි 30 දක්වා දීර්ඝ කර තිබේ.

මෙම ආයතනවල කාලය දීර්ඝ කර ඇත්තේ, පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නීර්ණයට අදාළ දේශපාලන පක්ෂවල සහ මහජනතාවගේ අභියාචනා විමර්ශනය කොට, කොට්ඨාස සහ සමානුපාතික මිශ්‍ර ක්‍රමයට ලබන වසරේ ජුනි මස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ අරමුණිනි.

පසුගිය ඔක්තෝබර් 31 වන දා නිල කාලය අවසන් වීමට නියමිතව තිබූ කොළඹ මහනගර සභාව සහ හම්බන්තොට මහනගර සභාව මෙන්ම ඔක්තෝබර් 16 වන දා නිල කාලය අවසන් වීමට නියමිතව තිබූ සෙසු පළාත් පාලන ආයතනවල නිල කාලය පළමු වරට අද දක්වා දීර්ඝ කෙරුණු අතර මෙවර එය දීර්ඝ කෙරුණේ, දෙවන වරට ය.

ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, ගම්පහ, මීගමුව, කුරුණෑගල, මහනුවර, මාතලේ, මොරටුව, නුවරඑළිය, ගාල්ල, මාතර, බදුල්ල, හම්බන්තොට, රත්නපුර, කල්මුණේ, අනුරාධපුර යන මහනගර සභාවල නිල කාලය දීර්ඝ කෙරෙනු ඇති.

මීට අමතරව හම්බන්තොට ප්‍රාදේශීය සභාව, සූරියවැව ප්‍රාදේශීය සභාව‍,කොළොන්නාව නගර සභාව, කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව, කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව, කඩවත්සතර සහ ඟගවට කෝරළේ ප්‍රාදේශීය සභාව ද, කාලය දීර්ඝ කළ පළාත් පාලන ආයතන අතර වෙති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]